lකැපව්ම.

¸දෙයක් වෙනුවෙන් කැපවෙන්න කොච්චර අමාරුද
කියලා සමහර විට ඔබ දන්නේ නැතුව
ඇති…ඒත් ඒක ජීවිතයේ කරන්න හරි අමාරු දුෂ්කර
පාරමිතාවක්.. ජීවිතයේ එක් දෙයක් තෝරාගන්න… ඒ දේ
මන්ගේ ජීවිතය කියලා හිතලා… ඒ දේ මත්තෙන් ජීවිතය
පෙලගස්සන එක හරි අමාරු දෙයක්….ඒත් ඔබ මේ ජීවිත
කාලය තුළ හොද තැනකට එන්න ම ඕනානම්… ජීවිත‍යේ
සැබෑ සැප ඔබට විදින්නටඕනානම්… රතතරන් පුතේ ඔබට
කැපවීම ඇත්තටම තිබිය යුතුයි……
කැපවීම කියන්නේ එක පැයක් දෙකක් සතියක්
මාසයක් වෙනුවෙන් යෙද වීම නෙවෙයි.A/L වලට O/L
වලට පාඩම් කරන එක කැපවීම නෙවේ… ඒක ඊට වඩා
උතුම් දෙයක්…
ඔබ නිකමට හිතන්න දවස් තිහක් උදේට කොල කැද
ටිකක් නොකඩවා බොනවා කියලා… කරලා බලන්න ඒක කොච්චර
අමාරුද කියලා…එහෙනම් ජීවිතයේ එක් දෙයක් වෙනුවෙන් පටන්
ගත් උද්යෝගයෙන්ම  ඒක කරගෙන යන එක කොච්චර
අමාරුද….
ඒත් කැපවීම කියන්නේ පුරුද්දට යන දෙයක්…
කෙනෙක් කැපවීම කියන ගුණාංගය හදා ගත්තහම එයා
ජීවිතයේ හැමදෙයක්ම කරන්නේ කැපවී‍මකින්… නාන්න
ගියත්… ගමනක් ගියත්… ඇදුමක් මැද්දත්… පොල්
සම්බෝලයක් හැදුවත්…. එයා ඒක කරන්නේ
කැපවී‍මකින්… ඒක හදාවඩා
ගත යුතු ගුණාංගයක්…….

Posted in Uncategorized | Leave a comment

පොසොන් උදාවයි -දහම් අමාවයි…….

සුදු සද රැස් ගලා හැලෙන
පොසොන් උදාවයි.
මිහිදු සමිදු දෙසුවන් ඒ
දහම් අමාවයි.
තිස්ස රජිදු දම් සරණින්
නැහැවුණු දිනයයි.
සම්බුදු හිමි දෙසූ බුදු බණ
ලකට වැඩි වගයි.
හෙළ දෙරණම බුදු දහමින්
නිති සපිරේවා.
මුළු දසතම සිහිල් සෙවණ
තුළ වැජඹේවා.
නිරතුරුවම සාමයේ රන් රැස්
විහිදේවා.
පොසොන් පොහොය දින ඔබෙ
සුභ පැතුම් ඉටුවේවා…….

Posted in Uncategorized | Leave a comment

කතරක තනි වූ විලාපය.

මහ සාගරෙන් එතරම මා එන කලට
අසරණකමකි දැනුණේ මගෙ හදවතට
නවතිනු බැරිව දෙනෙතේ ඉනු කදුළු කැට
නොදැනිම ගලා ආවා දෙනෙතින් බිමට
අහස උසට දූවිලි කදු නගින රටේ
මා තනි වුණෙමි සිරගෙය මෙන් ගෙතුළ වටේ
තනිවම නිදන නිදි යහනේ කදුළු වැටේ
මේ දුක කියන්නේ කාටද දෙවියනි නොහැටේ
මන්දිරේ ඝන පවුරු මෙම සතුරුව නැගෙන
ගින්දරින් සිත නිවා දවා රෑ දවල් කදුළු බොන
උන්ට රසවුළු පුදා රොටියකින් කුස පුරන
නින්ද ලද තුන් පැයෙන් නොදුටු සුන්දර සිහින
මා නෙතු රුදු බැලුම් හදපත්ල දවා වී
නිමා නොගිනි නිවුන බබා කැස කවා වී
දමා ආ දූ පුතුන් මද පුරා දුවා වී
යහගුණ පිරි මවුන් සියලු දෙවි රකී වී
පුළුවන් ලෙස ලියූ කවි පද ඇති දැන්නම්
දරුවන්සමග මවු දකින්න මම එන්නම්
දෙවියන් පිහිට ලැබ දෙන්නට අයදින්නම්
තෙරුවන් සරණ පතමින් අද නවතින්නම……

Posted in Uncategorized | Tagged | Leave a comment

ගග මත පාවුණු සිගිති පුතු.

සමුදුර සිපගත් ගංතෙර මත මා
තනි කර යන්නට
එකවර සිතු මගෙ පෙම්බර අම්මේ
සුන්දර දිවයිනේ පුංචි කලක් මට
ඉන්නට තහනම් ඇයිද මෙසේ

වියරු වුණි ඔබෙ කුරිරු හදවත
හැර යන්නට ඔබෙ සිගිති පුතාගේ
පෙව්වෙ මව් කිරිමද මෙතෙක් කලක් මට
ඒකේ නියමද ගත්තෙ මගෙන් අද

හැඩුවත් මා දෙස බලමින් මිනිසුන් කලුතර
සිගිති පු‍තෙකි මම තවමත් ඔබ අතරම
අනේ සමිදුනි ඔබ උඩ මළුවේ සිට
බලා සිටියද මට වූ විපත දෙස

ලොවෙහි තවත් දරුවන් ඇත මං වාගේ
ඔවුනට මට මෙන් නොමවන් හෙට දින
පාප මවුන් සිටිනා මේ ලොව තුළ
කුමටද මා බිහි වූයේ මෙලෙසට

Posted in Uncategorized | Tagged | Leave a comment

Bit About Computers

A computer was something on TV from a science fiction show
A window was something you hated to clean
And RAM was the cousin of a goat
˝Meg˜ was the name of my girl friend
And ˝gig˜ was something you did on Friday nights.
Now they all mean different things
And that really megabyte
An ˝application was for employment
A ˝program was a TV show
A ˝cursor used profanity
A ˝key board was a piano
•Memory˜ was something you lost with age
A ˝CD was a bank account.
•Cut˜ did you with a pocket knife
˝Paste you did with glue
a ˝web˜ was a spiders home
And a ˝virus was the flu.
I guess I’ll stick to my pad and paper
And the memory in my head.
I hear nobody’s killed in a ®computer crash
But when it happens they wish they were dead.

Posted in Uncategorized | Leave a comment

අවුරැදු සුභ පැතුමක්…..

සාමයේ පවන් රැලි දස අතට විහිදෙද්දී
එරබදු මලින් මුළු ලොවම සැරසෙද්දී
දස අතින් නිදහසේ කාහලය පැතිරෙද්දී
උචා වෙයි සුභ අළුත් අවුරැද්දක් යලිත්
සිතපැතුම් නිරතුරැව
හදවතින් ඉටු වෙන්න
හැම කලහි දියුණුවේ
ඉදිරියට ජය ගන්න
පතන්නම් සුභ පැතුමක්
හෙට දිනේ ඉටු වන්න
සාමය සතුට පිරි
සුභම සුභ අළුත් අවුරැද්දක් වේවා
ඔබ සැමටම…..

Posted in මගේ අදහස්, මගේ කවි | Leave a comment

අප්පච්චී…..

 

කටු මැටි ගැලවී වරිච්චි පෑදුණු
ගෙය සිහි කරවන ‍ප්‍රේමණීය අප්පච්චී
දඩු වැට පනිමින් හිනා පාන කොට
පුරා හදක් ගෙට වැඩියා සේ

කෙත සරැ කරවන කලා වැව වලග්
වාන්දානවා සෙනෙහස් ගග ඉතීරී කැළැතී
විලේ දිලෙන නිල් මානෙල් වගේ
දෙන ඔවදන් මහොෂද ආරේ

සමනොළ කරැණා කරනා ගානයි
සැමදා ළග මෙත් කරැණා ගුණ වරැසාවේ
ගිලී සැනසෙන්න පසුපස එන්නම්
නෑර වාරයක් සංසාරේ.

 

Posted in මගේ අදහස්, මගේ කවි | Leave a comment

ජීවිතය………

වසන්තය නිමා වී
ගිමන් ඉතු එන සේ
දුක සැප ජය සතුට
සිහින මාලිගා මැද
ගෙවී යන ජීවිතය
අහස මැද සැගවුණා
කිමද මේ ජීවිතය
කිසිවකු හෝ නොදත්
අනන්තයකි මේ දිවිය
රාගයෙන් වල්මත්ව
ද්වේෂයෙන් කම්පිතව
මා හට කියනු මැන
කිමද මේ ජීවිතය…

Posted in Uncategorized | Leave a comment

සත්‍ය ගවේෂනය…….

සංසාරේ කොතනක ‍හෝ
ඔබ මට මුණගැසෙන්නට ඇත….
නමුත්….
මා ඔබ හදුනන්නේ නැත
ඔබද නොදන්නේය
මම නිවන් දක්නා තුරැම
සසර යාත්රාකව පදවන්නේය….
එවිට
මම නැවත සොයන්නෙමි
සිහි කරන්නෙමි
එහිදී…..
මම ඔබ දන්නෙමි….
ඒ මසැසින් නොව මනසින්ය
එතැන්හි
මම ඔබගේම වීමට පෙරැම් පුරමි
ඔබ බිහි වූයේද මවු කුසිනි
මමද මවු කුසින් උපන් දරැවෙක්මි
එහෙයින්….
එය ඉටු කර ගැනීමට මටද ශකතිය
ඇත….
එය ඉටු වන දින
අද වූවද හෙට වූවද කල්ප ලක්ෂයක්
වූවද
මා පසු නොබසින්නේය
එදින…
ඔබද මටද
එක්ව නිවන් දකිනු ඇත…..

Posted in Uncategorized | Leave a comment

Keeping our water sources clean.

Water is very important for all human beings animals and plants. Chemicals and other harmful substances pollute water. This would result in the pollution of streams Lakes Rivers and seas. Severe water pollution can kill large numbers of fish and other animals. People who use this polluted water can fall ill

Humans pollute water in many ways. Insecticides weedicides and fertilizers used in large quantities in farming are some examples of ways of polluting water. When it rains these chemicals flow into streams lakes and rivers. Harmful chemicals gases and waste materials are also sometimes released from industrial factories into waterways.

We should control ways of water pollution. We can do this by helping to keep our sources of water clean. In agriculture we should not overuse chemicals. Another way of preventing water pollution is to build cleaning treatment plants in factories if we stop throwing waste into lakes rivers and seas they will be clean and beautiful forever.

 

Posted in Uncategorized | Leave a comment